Thotupola

Sonduru Es Deken

Kingsly Pieris

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින් වැටෙන කඳුළු බිංදු සීතලද බලං කවදාහරි ඔබ එනවද මගේ රත්තරං කවදාහරි ඔබ එනවද මගේ රත්තරං දවස ඇවිත් හිනහෙනකොට අපි දුරයි වගේ පහස සොයයි සමනළයෙක් සුදු මලක් වගේ // මලට තියෙන රැකවරනය මල් පෙත්ත වගේ අපට තිබුනු සැනසීමත් ඇත්තයි වාගේ සොඳුරු ඇස් දෙකෙන්..... හිතට හොරෙන් හිත සක්මන් කලා අපි ලඟ ඇසට හොරෙන් ඇස ඉක්මන් උනා අපි ලඟ // ගඟට හොරෙන් ගඟ දිය සැඟවුනා ගඟ යට අපිට හොරෙන් අපි ඉක්මන් උනා අපි ලඟ සොඳුරු ඇස් දෙකෙන්.....

Sonduru Es Deken lyrics · Kingsly Pieris