Thotupola

Mathake Hasaral

Umara Sinhawansha, Dushyanth Weeraman

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන් ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවානම් මා සොයා යළි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල් මතකේ හස‍රැල් නැගෙන ‍රැයේ දෙනෙතින් කඳුළැල් ගලා ගියේ ජීවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැර දා ඇයිද ගියේ ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ සිතකින් නොව අප දමා ගියේ ඔබ ගැන සිහි වෙයි හැම මොහොතේ දුක පමණයි මට උරුම උනේ සමා වෙන්න කුමරාණෙනී ඔබ හා මා යළි හමු වේනම් ජීවිතයම ඔබ හට දෙන්නම් ඔබගේ සුසුමන් තුල ගිලිහී ඔබගේ තුරුලේ මිය යන්නම්... මතකේ හස‍රැල් නැගෙන ‍රැයේ දෙනෙතින් කඳුළැල් ගලා ගියේ ජීවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැර දා ඇයිද ගියේ...//

Mathake Hasaral lyrics · Umara Sinhawansha, Dushyanth Weeraman