Thotupola

Gangawai Maha Muhudai

Jothipala H R

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා...// ඈත දියඹෙ නැගෙන රැල්ල - මෑත ගලාගෙන ඇරිල්ල සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා - ඒ වගේම දුර ගෙවාල පවුරු උඩින් පියාඹාල - ඔබේ පැලට මා පැමිණෙනවා කවුළු දොරින් නෙත් හෙළාල - මඟ බල බල ඉන්නවා පිළි අරගෙන දෑත පාල - සනසන බව දන්නවා ගංගාවයි මහ මුහුදයි ...// සමන් පිච්ච මල් පිපිච්ච - මිදුල පුරා පැල හැදිච්ච දිළිඳු ඔබේ පුංචි පැල්පතේ - රනින් බඳුන් රිඳී අසුන් කටට දිවට මිහිරි බොජුන් - කිසිවක් මට උවමනා නැතේ සවන් දෙන්න ලගින් ඉන්න හිනාවෙන්න කට පුරා ඊට පස්සෙ විදියි අපට මල් දුන්නෙන් මල් සරා ගංගාවයි මහ මුහුදයි ...//

Gangawai Maha Muhudai lyrics · Jothipala H R