Thotupola

Api Denna Pokunai Piyumai

Jothipala H R

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ.. ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ.. ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි... සුභ සැන්දෑවක් වේවා... // වැලි අහුර කන්දක් කියාලා දිය බිඳුන ගඟකැයි සිතාලා මල් අත්තේ කටුවක් සොයාලා ලතවෙන්න සිදුවෙයි කිපීලා... // අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... / සඳ මඬලේ සා ලපය ඇතිදෝ මද දිගට සම සමව ඇතිදෝ මෙය ඔබට තෝරන්න බැරිදෝ අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ... // අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... //

Api Denna Pokunai Piyumai lyrics · Jothipala H R