Sada Tharu Mal
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන් දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන් පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන් දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ සද තරු මල් .../ ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන් මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන් දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ සද තරු මල්.../
