Kolompure Numba Inna
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ අත වැනුවට නොවැටි මන් මුලාවේ හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ // දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු ඈත රටින් ගෙනා කුසුඹ හිත රවටනවාලු මගෙ රන්කඳ ඒ කුසුඹට රැවටෙන්නේ නෑලු කොළොම්පුරේ... / වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු දෙවැට දිගේ යන එන කොට ඉගි බිගි පෑවාලු කොයි දෙසේ හිටියත් ඔබ මගෙමයි කීවාලු මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළු කොළොම්පුරේ... /
