Thotupola

Tharuka Pelin Eha

Athula Adikari, Samitha Mudunkotuwa

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉදින්නේලු ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා එහේ හිඳින්න එන්නලු ආදරේ කුමාරි හා කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා සුදු මීදුම් අප දෑතේ පැටලීලා මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ යහන් තලා වේවිදෝ මන්දා තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා අත් පටලා තුරු අතරින් දිව යමුදෝ සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි හමුවූ යාමේ මේ යාමේ මට සීතයි පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ යහන් තලා වේවිදෝ මන්දා තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉදින්නේලු ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා (එහේ හිඳින්න එන්නලු.. එහේ ගිහින් ඉදින්නේලු..///)

Tharuka Pelin Eha lyrics · Athula Adikari, Samitha Mudunkotuwa