Ron Suwanda Gena Mal Piyali Matha
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි ඉන්නවානම් මා ළඟින් කොයිතරම් නම් සොදුරුද මිහිරේ රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ.... මල් වයසේ නිදි නැති ඇස් පියන් යට ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට // හිරිමල් සිතිවිලි කළඹා රත්තරනේ ඔබ සිත තුල රහසේ රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ.... මල් වරුසා වැගිරෙන මේ සිසිල යට හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද // නිකැලැල් පැතුමක සැඟවී රත්තරනේ ඔබ හිටි හැටි මනසේ... රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ.. /.
