Ama Dahara Diya
අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහ නද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා (සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා...//) දහම් සුවඳ මල් දසතම පතුරා (සියළු කෙලෙස් මැඩ බුදු වූවා...//) අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා ජීවිතයේ ඇති නොනිමි අතිර බවු ලොවට පැතුරු කරුණාවේ අම ගුණ සියළු සතුන් වෙත දහම් රස පෙවූ (කරුණාබර නෙත් නිවී ගියා...//) අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුළින් මල් පියලි සලා
