Sandath Irath Nathi
සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක්... ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති මිනිස්පුරේ ඇයි තනියක්...// ගලා ගලායන ගඟේ පිරී දිය ඇලේ දොලේ ඇසුරට වී සිනාසිසි වන පෙතේ හිදී රස දිදි රුවන් තුඩ ඇතිරී... සඳත් ඉරත් නැති...// සොබා දමේ දැඩි සිහිල් නිසංසල සුවේ විදි ලොව සිතුසේ... ඔබේ මගේ රැල බෙදී බිදීයන සුළං කැරැල්ලේ දුකසේ... සඳත් ඉරත් නැති...//
