Nidukanane (Yoma Budu Netha)
නිදුකාණනේ… නිදුකාණනේ යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ // සිතෙන් සිතක රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාග විස උනුන් නසාලන අසිරි බලන්නට // යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ නෙතින් නෙතක ගැටෙනා රාග සිත ලෙවන් නෙතින් පිසදා හරින්නට බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි දයා දියෙන් සනහා නිවන්නට // කාලයයි නිදුකාණනේ දීපයයි නිදුකාණනේ දේශයයි නිදුකාණනේ වඩිනු මැන නිදුකාණනේ
