Hade Kothanaka
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් // සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා….හද, තනිවෙනා මොහොතින් හදේ කොතැනක... උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන් හදේ කොතැනක…
