Thotupola

Chandra Mandale Sathapuna Punchi Saviye

Sunil Edirisinghe

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ...... ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුණේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ...... චන්ද්‍ර මණ්ඩලේ...... මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ...... චන්ද්‍ර මණ්ඩලේ......

Chandra Mandale Sathapuna Punchi Saviye lyrics · Sunil Edirisinghe