Thotupola

Aluth Wassak

Sunil Edirisinghe

අළුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ අළුත් වැස්සක් වහින්නට සැරසේ අහස වැසි වසිනා නමුත් කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් නියං කල සැමදා නැතත් කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම් දුකක් වින්දොත් සැපත් ලඟමයි දිය දහම ඒ විලසයි වළාකුළු අහසට ඇවිත් මොනවාද මේ හැටි කරන්නේ සරදම් ඇහේ තෙරපෙන දුක නිවා කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම් දුකක් වින්දොත් සැපත් ලඟමයි දිය දහම ඒ විලසයි

Aluth Wassak lyrics · Sunil Edirisinghe