Thotupola

Dura Yanna Hithuwata

Sashika Nisansala

දුර යන්න සිතුවාට සැඟවි හොරෙන් ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් (හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//) අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං එක්වෙන්න සංසාරේ පිං මදිව නම් (අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//) දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන් එක්වෙන්න සංසාරේ පිං මදිව නම් (අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//) දුර යන්න සිතුවාට සැඟවි හොරෙන්....

Dura Yanna Hithuwata lyrics · Sashika Nisansala