Thotupola

Buduhamuduruwo Wadiyawage

Sanath Nandasiri

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙල වැලලූවොත් මගෙ මළකද අම්මට පෙන්නන්න එපා ඇතිදා ළග උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිදා ළග උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා මරණයෙ දොරකඩ සිට ඔබ පායුග වැද සමුගනිමි මෙමා කෙළිලොල් කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්මා සිහිවෙයි බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ මතු උපදිනදා මාගෙම පුතුවෙයන් හොද මිනිසෙකු ලෙසිනේ

Buduhamuduruwo Wadiyawage lyrics · Sanath Nandasiri