Ratakin Eha Igili
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ නා දළු දෙතොල් හසරැළි මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යලි යලී අසමාන වු ඒ අප ආදරේ කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අතිනත වෙලා පටලලා රන් හුයෙන් ඔබ ගෙන යමී සපුරලා සිතු පැතුම් හෙට ඒ දිනේ දී සයුරෙන් එහා පිළිගන්නවාදෝ පැමිණී වහා රටකින් එහා ඉගිලී……….
