Araliya Landata
අරලිය ලන්දට – සඳ පායන කොට තුරුලිය මල් වට – බඹරු බමන විට සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා.. එතකොට ගී පද ලියැවෙනවා… රඹවන් හේනේ – කරල් පැසෙන කොට අඹ මල් ගානේ – ගිරව් හඬන විට දොඹ තුරු මානේ – සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා – එතකොට සි ති විලි ඉගිලෙනවා… අරලිය ලන්දට…// දඬුවැල් බෑ මී – සුවඳ දැනෙන කොට පඬුවන් අහසේ – තරු පායන විට හැඬුමට නොහැකිව – දෙඇස වසන මට ඔබ ගැන සිහිවෙනවා – එතකොට සි හි නය උපදිනවා…. අරලිය ලන්දට…//
