Thotupola

Basa Yana Sanda Dasin

Namal Udugama

(බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ ඔබ බැස යන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින්...//) නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන අවුදින් සිරුරේ දැවටී පවනැල් රහසේ හැර යයි (ඔබ ඒ සුළඟ වගේ නම් රඳවාගන්නද කෙලෙසින්...//) බැස යන සඳ දෑසින්.... මන්දාකිණිය ගලන නිසසල රැයක මැවෙන තරුමල් අඹරේ හිනැහී මැදියම් අඳුරේ සැඟවෙයි (ඔබ ඒ අහස වගේ නම් හඳුනාගන්නද කෙලෙසින්...//) බැස යන සඳ දෑසින්....//

Basa Yana Sanda Dasin lyrics · Namal Udugama