Oba Wenuwen Ma
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මඳ පවන පවා// ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා... සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා// ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ සුළඟේ මිලින වුණාවේ///
