Thotupola

Sulanga Nuba Wagei

Karunarathna Divulgane

සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි මලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත හැඳිනුවෙත් නුඹයි පසුපසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි සුළඟ නුඹ වගෙයි.... සිත තනිකළෙත් නුඹයි මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි සුළඟ නුඹ වගෙයි....

Sulanga Nuba Wagei lyrics · Karunarathna Divulgane