Thotupola

Haduna Gannata

Karunarathna Divulgane

හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ මගෙ ඉරණම් කාරි මේ පාර දිගේ දහස් වතාවක් ඔබ මුණ ගැසෙන්නැති… හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ… ගිමන් නිවාලූ දොඹ තුරු සෙවනේ දොඹ මල් සුවඳට මුසුවී පාවුනු ඔබේ සුවඳ මට දැනෙන්නැති… හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ… දෙනෝ දහක් මග යන එන අතරේ මගේ නවාතැන පසු කර ගිය ඔබෙ පියවර හඬ මට ඇසෙන්නැති… හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ… හඳුනා ගන්නට…

Haduna Gannata lyrics · Karunarathna Divulgane