Ahase Liwwath Polawee Ketuwath
අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් කළ නොහැකිය නිම්... ඕ.............. පුවත අපේ පෙම් ...// ආ යන්නෙන් ආදර ගීතේ - මුලින් ලියූ සිහින පොතෙහි සීගිරියේ ගී වැල් වාගේ - දෙදෙනාගේම මතක තියේවී දේදුන්න සේ මැකී නොයේවා - ආවත් වියෝග අන්ධකාරේ..// මුව පියුමේ උතුරන සීනේ - මම නිරතුරු රැදෙමි දයාවී අපි ගැන පඬිවරුද කතාවී - මතු ඉතිහාසය ද කියාවී රාමා සීතා කතන්දරේ මෙන් - යුගයෙන් යුගයට එය පැතිරේවී... කඳුළු හෙළූ දෙකොපුල් යහනේ - විඩා නිවා ලැඟුම් ලබන්නයි පියෙන් පියට ඇස් වැල් පටලා - දිවි ඇතිතුරු ගමන් කරන්නයි මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු - ආදරයේ තනි නවාතැනේ මේ...
