Hemin Sare Piya Widaa (Sumudu Sayane)
හෙමින් සැරේ පියා විදා හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සිනිඳු සුකොමල.. රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉඳුවර.. දියෙන් උපදින හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් නැවුම් වත්සුණු රොනින් මත් වී සිහින නිම්නය.. සුපුෂ්පිත වෙයි සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා.. පවුරු සිරි යහනේ හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
