Hadissiye Hani Naikata Paya Thabana
හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා// දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී රෑන කිතුල් මල පිටමැද හෙලන්නී - සිහින් පබළු වැල් ගෙල වට බදින්නී කොල නැවුම් සිනා දැලක් හෙලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී
