Viduli Mini Pahan
විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිර වී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ // එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ // පුරාගෙන පිරූ හිතේ විසුළු කෙලි නැටුම් සිනා යොමා ඇස බලන් යලි සොඳුරේ මැදුරු දොර දිහා දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා // ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී
