Wasanthaye Aga
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විපුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.. ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනිමු අප එය නොවී පමා පියවර මැන යමු..යොදුන් ගෙවා.. දොරගුලු හැරලමු අප දෙහදේ හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනිවෙමු මොහොතක්..අපේ ලොවේ..
