Karakena Rode
කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට (තල්ලු කරන් පුතුනේ)...// කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට (තල්ලු කරන් පුතුනේ)...// කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ පමා උනොත් අප මහමඟ තනිවේ අම්මා මඟ ඇති නෙත් හරවාගෙන (තල්ලු කරන් පුතුනේ)...// කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට (තල්ලු කරන් පුතුනේ)...//
