Senehasa Windinata
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් // එක තැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින් // කුමටද නිදිනැති යහනට නැතිනම් ඔබගේ සුසුම් පවන් සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්... යළි යළි බැඳුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින් // කුමටද නැති කළ සෙවණට මොහොතක් ඔබ ළඟ රැදෙන වරම් සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්... //
