Thotupola

Sundariye Ran Rasu Dal

Chandana Liyanarachchi

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි මා රන්කඳ ඔබ රූ විඳින්න ලෝල නොවේදෝ වස්දණ්ඩ නන්දනීය නොවේදෝ // ගන්ධාර කුළේ මෝහිනි රණ හංස තටාගේ පීනන්න එන්නදෝ සඳපානේ සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි සී සීකඩ යයි දුල්වසන් මෙවුල් ඉණ රැන්දූ සංයෝග හා වියෝගය කැන්දූ ‍නිම් හිම් කොහේද මා ඉඳුරන් කම්සුහ බැන්දූ වාවාලමින් කෙසේ රති දෙව් දූ

Sundariye Ran Rasu Dal lyrics · Chandana Liyanarachchi