Thotupola

Raa Ahase Tharu Gaanata

Centigradz

රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගේ ආදරෙ මදි උනාද ඉඟ නෙරියේ රැළි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොළට හාදු දීපු මගෙ ආදරෙ මදි උනාද නුඹෙ උකුලේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳ එළියේ පෙම් පුරාපු මගෙ ආදරෙ මදි උනාද // මගෙ හිස නුඹ අත තියාන මං දිවුරා නුඹ කියාපු ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද // නුඹෙ උකුලේ හිස තියාන.............//

Raa Ahase Tharu Gaanata lyrics · Centigradz