Thotupola

Asai Bayai (Sayura Bala)

Anton Johns

සයුර බලා බඳ ලෙලවා ඉවුරු තලා ගලා ගියා මාතර ගං කුමරි නිල්වලා එතෙර සිටිය අය කැඳවා මරු තුරුලට අරං ගියා මුළු සිරිලක දුකෙහි ගිල්වලා වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට නොයෙක් දෙසින් සෙනඟ පැමිනුනා නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවට නැගි සතොසින් ‍ සමහරෙකුට යන්නට හිතුනා ආසයි බයයි බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි පෙම් බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ වේගයෙන් දියඹට ඇදුනේ අත්තක බෝට්ටුව හැපුනේ නොදැනිම ජලයේ ගිලුනේ ඉරණම සැමගෙම විසඳුනේ වෙසක් සඳ නැග එද්දි මළ කඳන් පාවෙද්දි නෑදෑ හිතවතුන් වැළපුනේ හද සෝකෙන් ලත වෙද්දි නෙත් කඳුලෙන් බර වෙද්දි මළ මිනි ගොඩට ගෙනෙන්නේ ආසයි බයයි බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි ඔය දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලී ගියා පෙම්වතී ලොවේ තනිවුනා කරුමය මෙලෙස කියා අන්තිම ගමන ගියා මව්පියො හිතවතුන් වැළපුනා ඒ සිදුවූ විපත අසා රුහුණම දු‍කෙන් වසා දින ගණනක් දුක පල කෙරුවා අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා මෙවැනි විපත් යලි නොමවේවා ආසයි බයයි....

Asai Bayai (Sayura Bala) lyrics · Anton Johns