Pera Dinayaka Ma Pem Kala Yuwathiya
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා (නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා...//) සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා (හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා...//) නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා (එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා...//) නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා පෙර දිනයක මා....
