Kula Gedarata
කුල ගෙදරට පිය ඔසවන දියණිය කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන නාඬන් දියණියණේ // නුඹේ මවත් කැන්දන් ආ දිනයේ කඳුළු සැළූ බැව් මතක තියේ මට නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට ලෝකය වෙනුවෙන් හැදුවා පමණකි අපහට කිසිදා උරුම නොවේ ඔබ කඳුළක් සුසුමක් සිනා රොදක් මැද යළි යළි ඉපදී ජීවත් වනු මැන
