Irata Muwaaven Indagena
ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳිනවා දීප චන්ද්ර රේඛාවෙන් මුහුණ බලනවා වළාකුලෙන් අහස් තලෙන් බිමට වඩිනවා.... (පායන තරු ඇස් ඇරලා බලා සිටිනවා...//) පීදෙන මල් පෙති විදහා මුකුළු කරනවා සුළන් රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා ගහකොළ සෙලවෙන තාලෙට රහස් කියනවා.... (මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා...//) සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා ඇළ දොළ ගං ඇද හැලීලා ගිමන් නිවෙනවා මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා.... ඉරට මුවාවෙන්....
