Thotupola

Sirith Maldama

Manakkalpitha · UncensoredXD · 4:02

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී අම්මට තාත්තාට ගරු කළොත් උබත් රටක් වටී හදන් ගැන්සි දාන සෙල්ෆි වලට වඩා හුඟක් දේ තියෙනවා කොල්ලෝ ඉගෙන ගන්න සිරිත් විරිත් රටක් වටී පාන්දරම අවදි වෙන්න දත කට මුව සෝදා ගන්න ඉස්කෝලෙට යන්න කලින් මව් පිය තුම නැමද යන්න සිරිත් විරිත් වලට පුතේ ගරු කරන්න ඉගෙන ගන්න හොදට හැටී හොද මිනිහෙක් වෙලා රටට වැඩ කරන්න වැඩිහිටියන් හට සලකලා හොද මිනිහෙක් වෙන්න ඕන රට ආගම ජාතිය ගැන් හොදින් ඉගෙන ගන්න ඕන ගුරුතුමාට ගුරුතුමියට එපා විහිලු ලං කරන්න පොත පත පාඩම් කරද්දී එපා කිසිම දේ හිතන්න තරුණ විසේ තිබුනා කියලා එපා රණ්ඩු වලට යන්න පාරේ බස් එකේ යනකොට මහලු ගැබිණි ආබාධිත පූජ්ය පක්ෂයද ඇතුළු කෙනෙක් දුටුවතින් නිරතුරු ආසනයෙන් නැගිට ඔවුන් හට මුල් තැන දෙමු නිරතුරු එයයි උබේ හැදිච්චකම ඉගෙනගනින් පුතෙ නිරතුරු හැදිච්චකම නොම්මර 1 දෙවනුව සිතපන් නුඹ ගැන කොටට ඇඳන් පාරේ ගිහින් සංවරකම නැති කරගෙන එපා නංගි ඇඩ් දාන්න ඕවා බොහොම මෝඩ ගතී කෑම කද්දි පිළිවෙලකට වාඩි වෙලා කෑම ගන්න සියළු දෙනා කෑම කාලා අවසන් වනතුරු සිටින්න සිරිත් විරිත් වලට පුතේ ගරු කරන්න ඉගෙන ගන්න හොදට හැටී හොද මිනිහෙක් වෙලා රටට වැඩ කරන්න වැඩිහිටියන් හට සලකලා හොද මිනිහෙක් වෙන්න ඕන රට ආගම ජාතිය ගැන් හොදින් ඉගෙන ගන්න ඕන ජාති භේද ආගම් භේද එපා කොල්ලෝ පටලගන්න එකමුතුවෙන් හැමදෙනාම එකම රටක් ගැන හිතන්න හැම ආගම් වල අයටම ගරු කරන්න ඉගෙන ගන්න එකමුතු කම රැකගන්නට

Sirith Maldama lyrics · Manakkalpitha