Thotupola

Sannaliyane

W. D. Amaradeva - Topic · W. D. Amaradeva - Topic · 5:32

සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාට ද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාට ද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාට ද ඇඳුම වියන්නේ දිලිසෙන ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාට ද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුදුල් දූ දීගෙට දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාට ද සළුව වියන්නේ සීතල සළුව වියන්නේ කනකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාට ද සළුව වියන්නේ කනකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මිය ගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

Sannaliyane lyrics · W. D. Amaradeva - Topic