Pa Sina
Dhyan Hewage · Pa Sina · 3:23
දැවෙන හද නිවනා - ගීතයයි ඔබ මා දැනෙන දුක සඟවා - මා පෙමින් බැඳෙනා සයනේ අද මා තනිවී - සිපගත්තේ නුඹ සිහිනේ නුඹගේ පහසේ දැවටී - ලඳුනේ අද මා නිවෙමී පෑ සිනා මතකේ සදා - ආදරේ දැනෙනා පාවෙලා දුක් වේදනා - මා නුඹේ හැඟෙනා වෑහෙනා පෙම් චේතනා - ජීවිතේ සනහා හිත පාරනා සංවේදනා - මා හදින් මැකෙනා රිදවනා සිතුම් සඟවා - නුඹට මා සිතින් පුදා දිනක ඒ පැතුම් දරා - මගෙම වී හිඳින් සදා ගැයෙන පද කියනා - තාලයයි ඔබ මා මහද සිප හමනා - මාරුතේ රැඳෙනා කඳුලැල්ලේ මා සිරවී - රැකගත්තේ නුඹ සිහිනේ කවදා හෝ මා හමුවී - ලඳුනේ නුඹ හා නිවෙමී පෑ සිනා මතකේ සදා - ආදරේ දැනෙනා පාවෙලා දුක් වේදනා - මා නුඹේ හැඟෙනා වෑහෙනා පෙම් චේතනා - ජීවිතේ සනහා හිත පාරනා සංවේදනා - මා හදින් මැකෙනා රිදවනා සිතුම් සඟවා - නුඹට මා සිතින් පුදා දිනක ඒ පැතුම් දරා - මගෙම වී හිඳින් සදා
