Thotupola

Miyulasi

Thithira Malsen · Miyulasi · 4:12

සියුමැලි ඔය නළලත පහසේ තාමත් සිත නැවතිලා නිදි දෙව්දුව දෝ සැඟවූයේ පෑ සෙනහේ ළඳුනි මා? පෙරුම් පිරුවේ නුඹේ ළඟින්ම රැඳෙන්න, ඇවිලෙන නුඹේ ඔය හද නිවා රිදුම් ගෙනදේ සිහිවෙන විට ලොවටම රහසේ අප හිටි හැටි පෙර එදා සඳ නැති සවසක දිය නැති රළ පෙල දිදුලවමින් මගෙ උකුලේ සැතපුනු නෙතු කඳුලින් මදහස බොඳ වූ, සඳවත සැරසූ, මධුවිත රස රැඳි- ඔය දෙතොලග මට දැනුනේ සෙනෙහස නොවෙදෝ? ඔහු බිඳි නුඹෙ හද රැඳුණේ මා ළඟ නොවෙදෝ? මා දෑසේ දැවටුණු මියුලැසියේ නුඹ අද කොයිදෝ? මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ? මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ? සිටියා නම් පෙරදා දෑසින් කළ ඇරයුම් නොසලකා නොවෙලී ඉන්නට තිබුණා මට නුඹේ මුලාවේ සිරවෙලා නුඹ නිසා, අමතක වෙලා, අද මටම මා, හිත තාම ඒ පෙම් ගායනාවන් සොයනවා, ගැවසී නුඹේ, ඉකි රාවයේ සඳ නැති සවසක, දිය නැති රළ පෙල දිදුලවමින් මගෙ උකුලේ සැතපුනුු නෙතු කඳුලින් මදහස බොඳ වූ, සඳවත සැරසූ, මධුවිත රස රැඳි- ඔය දෙතොලග මට දැනුනේ සෙනෙහස නොවෙදෝ? ඔහු බිඳි නුඹෙ හද රැඳුණේ මා ළඟ නොවෙදෝ? මා දෑසේ දැවටුණු මියුලැසියේ නුඹ අද කොයිදෝ? මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ? මගෙ තුරුලේ සැනසෙන්නට ආයේ නොඑදෝ?

Miyulasi lyrics · Thithira Malsen