Sanda Tharu Nihadai
W. D. Amaradeva, Kularatne Ariyawansa, H. M. Jayawardena · Sandawathi · 3:07
සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාලුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කලා සඳ තරු නිහඩයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා හ හා හ හ හා හහහා හහහා හ හා හ හ හා හහහා හහහා
