Thotupola

Mahanel by Gagana Kuda (feat. Kesavan Thangavadivel)

JANANA · Mahanel by Gagana Kuda · 4:07

මහනෙල් පොහොට්ටුවක් පිපිලා ඒ මල සුළගේ පාද සලා පියඹන්නේ දුවයන්නේ මහනෙල් පොහොට්ටුවක් පිපිලා ඒ මල සුළගේ පාද සලා පියඹන්නේ දුවයන්නේ රහසක්දෝ මට නොතේරුනා ඒ මල නටුවෙන් ගිලිහීලා හරි හැඩකාරයි කටකාරයි මල්වර වීලා මමත් අතට ගත්තා දෝතින් දරලා ඒ උනාට දැන් ඒ මල පෙති හතරම හැංගීලා මට කෝළකම් පෑවාට කාරි නැතුවා කාලයකටදෝ ඈ මුවා වෙවී දැන් මහනෙල් පොහොට්ටුවක් පිපුණි මේ ගිම්හානයේදී ඒ මල් පොකුණත් කාංසියකින් වෙලී මේ වසන්තයේදී වෙනස් වුණී මා එක්කත් ආලෙන් තෙපුලාවී දැන් හරි හැඩකාරයි කටකාරයි මේ පොකුණු ඉවුරෙ කොල වැටිලා දැන් සීතයි බෝමයි කියලා ඈගේ නටුවට වහ වැටිලා කාටත් නොකී රහස කීවා ආලයකට නුරාවනී රාගයකට කතා නොකී පපු මල් පොහොට්ටුවක් නුඹ වී මල්වර වීලා මල්වර වීලා මහනෙල් පොහොට්ටුවක් පිපිලා ඒ මල සුළගේ පාද සලා පියඹන්නේ දුවයන්නේ රහසක්දෝ මට නොතේරුනා ඒ මල නටුවෙන් ගිලිහීලා හරි හැඩකාරයි කටකාරයි ඇය පිපුණා ඒ මල් සුවදට මම ආවා කතා කරා මම හිනා උනා මල් නටුවෙන් ගිලිහී ඇය දැන් පොකුණේ පීනනවා මහනෙල් කොළයට මුවා වෙලා මම හිනා උනා මල්වර වීලා මමත් අතට ගත්තා දෝතින් දරලා ඒ උනාට දැන් ඒ මල පෙති හතරම හැංගීලා මට කෝළකම් පෑවාට කාරි නැතුවා

Mahanel by Gagana Kuda (feat. Kesavan Thangavadivel) lyrics · JANANA