Thotupola

Bhawayen Bhawe (feat. Uresha Ravihari)

Mihindu Ariyaratne · Fourthcoming · 3:20

භවයෙන් භවේ පතා ආදරේ සදාකල් මිහිරී භවයෙන් භවේ පතා ආදරේ සදාකල් සුවඳයි සුවඳ විහිදා හමන සුළඟේ යන්න පාවී සිතින් පැතුවේ අහස් ගව්වේ පෙනෙන මානේ පාවි පාවී ඉන්නයි සිතුවේ දිනෙක හමුවූ දෙනෙත් නොකියූ රහස් තාමත් හිතේ ගොලු වී තවත් නොකියූ රහස් ඇත්නම් අහන් ඉන්නම් තවත් ළං වී භවයෙන් භවේ පතා ආදරේ සදාකල් සුවඳයි භවයෙන් භවේ පතා ආදරේ සදාකල් මිහිරී සීත මීදුම් වලා පටලෙන් වහන්නට බෑ සිතේ සිතුවම් අඳුරු මහ රෑ නිවුනත් පහන් සඟවනු බෑ නෙතේ කැල්මන් කියන්නට ආදරේ කියා පමා වූවත් වදන් ගොලු වෙලා පතා ආ, ආදරේ හමුවී... භවයෙන් භවේ පතා ආදරේ සදාකල් සුවඳයි භවයෙන් භවේ පතා ආදරේ සදාකල් මිහිරී සුවඳ විහිදා හමන සුළඟේ යන්න පාවී සිතින් පැතුවේ අහස් ගව්වේ පෙනෙන මානේ පාවි පාවී ඉන්නයි සිතුවේ භවයෙන් භවේ පතා ආ, ආදරේ සදාකල් නොමියේ

Bhawayen Bhawe (feat. Uresha Ravihari) lyrics · Mihindu Ariyaratne