Thotupola

Hamadama

Yuki Navaratne · Hamadama · 3:38

දෙතැනක උන් අපි දෙන්නා හමුවන්නෙ පැරදීලා ඒ හින්දා නවතින්න ඕනා හැමදාම නුඹෙ වීලා හද මන්දිරේ දීලා සැනසෙන්න මට නුඹව ඕනා ලං උනා අපි කෙහෙරැල් පැටලුනා මට මං ගැන සිහියක්ම නෑ සංසාරේ අපි හමුවෙන්නැති නුඹ හමුවෙනතුරු තෙරුනෙ නෑ බැල්මට නුඹෙ අවතැන් උනු මට සිහිසුන් උනා වගේ දැනුනා මල්පෙති ඇහිරුනු සීතල උදයක අපි හමුවෙනවා මේ හිතේ නුඹ ගෑවුනා මිටියාවතේ හිඳ පාවුනා මේ මීදුමේ අතනෑර මා මට නොදැනීම රෑ බෝ වුනා හද මුමුනන දේ අවසර නෑ කියන්නට තොල්පෙති වල හිර වුනා ආයේ හිත පෑරුනත් නෑ මගෙ සඳවතියේ අමතක වුනා මට එක මොහිතකින් මිටියාවතේ හිඳ පාවුනා මේ මීදුමේ අතනෑර මා අපි සීතලේ වෙනදා වගේ ලං වෙනනකෝ අපි වෙන් වෙලා ඉන්න ඕනේ නෑ තරු නිදාගන්න දෙන්නේ නෑ නුඹ නිසා හීන බිඳුනේ නෑ අපි වෙන් වෙලා ඉන්න ඕනේ නෑ තරු නිදාගන්න දෙන්නේ නෑ නුඹ නිසා මාව නවතින්නෑ දෙතැනක උන් අපි දෙන්නා හමුවන්නෙ පැරදීලා ඒ හින්දා නවතින්න ඕනා හැමදාම නුඹෙ වීලා හද මන්දිරේ දීලා සැනසෙන්න මට නුඹව ඕනා

Hamadama lyrics · Yuki Navaratne