Samanal Haguman
Uresha Ravihari · Samanal Haguman · 4:43
සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නළ මුදු සුවඳේ රොන්සුණු පැතිරේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නළ මුදු සුවඳේ රොන්සුණු පැතිරේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ පිපි මනරම් සුවඳැති මල් කෝලයෙන් සැලුනේ මගේ හිත මල් සිහින අරන් දේදුන්නක සැඟවේ පිපි මනරම් සුවඳැති මල් කෝලයෙන් සැලුනේ මගේ හිත මල් සිහින අරන් දේදුන්නක සැඟවේ ලිහිණි කොවුල් විහඟ රැඟුම් ස්නේහයයි පිදුනේ මගේ දෙකොපුල් චුම්බනයෙන් තෙමන්නදෝ නොදැනේ ලිහිණි කොවුල් විහඟ රැඟුම් ස්නේහයයි පිදුනේ මගේ දෙකොපුල් චුම්බනයෙන් තෙමන්නදෝ නොදැනේ සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නළ මුදු සුවඳේ රොන්සුණු පැතිරේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ
