Dethol theli thudin
Surendra Perera · Wahi pabalu · 4:45
දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා කොපුල් තල දිගේ හෙමින් අතුරලා මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන් පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී නුවන් කැල්මකින් නුරා වර නැඟී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී... රෑ දවසේ නොමැකී ළා සඳ සේ සැතපී රෑ ගෙවෙනා මොහොතේ ආයේ හිරු සේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර නැඟී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී... පාළු යහන් පෙරළා සෝ සුසුමන් පළවා මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර නැඟී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී... දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා කොපුල් තල දිගේ හෙමින් අතුරලා මේ ළයට තුරුළු වී හිතේ ඉඩ අරන් පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී නුවන් කැල්මකින් නුරා වර නැඟී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී...
