Thotupola

Namal Pipila

T. M. Jayarathna · T.M.Jayarathne - Collection · 4:03

නාමල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි...// පාළු සැඳෑවේ මේ වැව් ඉවුරේ මගේ දෙනෙත් මග බලා සිටින්නේ...// පුරා සඳක්සේ වනලිය අතරින් ඔබේ සිනාවත පිපෙන තුරා නාමල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි... නීල තලාවේ මේ ගඟුලැල්ලේ රිදී කඳන් සැලි සැලී රඟන්නේ...// නදී සඳැල්ලේ රන්කම් විලසින් ඔබේ දෙපා යුග නැගෙන තුරා නාමල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි...

Namal Pipila lyrics · T. M. Jayarathna