Thotupola

Ahasa Usata

Gunadasa Kapuge · Sanda Raa Sihinaye · 2:46

අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ අහසේ මාළිගා හැදුවට අපි පොළවෙයි සිටින්නේ අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ අහසේ මාළිගා හැදුවට අපි පොළවෙයි සිටින්නේ ළඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ අහසේ මාළිගා හැදුවට අපි පොළවෙයි සිටින්නේ සිමෙන්ති කඳුළින් දියකර සත් මහලයි තනන්නේ පලන්චියේ කිරි කිරියයි අපේ දුකට අඩන්නේ සිමෙන්ති කඳුළින් දියකර සත් මහලයි තනන්නේ පලන්චියේ කිරි කිරියයි අපේ දුකට අඩන්නේ අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ අහසේ මාළිගා හැදුවට අපි පොළවෙයි සිටින්නේ

Ahasa Usata lyrics · Gunadasa Kapuge