Thotupola

Hithana Tharam (Live Acoustic)

Gayya · Plain Tea Live Acoustic · 3:03

හිතන තරම් මගෙ හිත හඬනතරම් ඔබ මට කියූ වදන් මට ඇහෙන තරම් නිල් අහස බලන් සිහින අපි මැව්ව තරම් දිවුරුවේ මියදෙන්නට නම් වෙන කෙනෙකු ඇයි තුරුලු කරන් මගෙ ලේ දහඩියෙන් පොළොව තෙමුවා මුලු දිවියම කැප කෙරුවා ඔබට ඔබට ඔබට මතක නැතිද? ඔබට ඔබට ඔබට මතක නැතිද? වැහි අකුණු කොටන් සුලඟ එයි ඔබෙ සුවඳ අරන් දුක් ගිණි හදේ දරන් ඔබව සෙව්වා හතර වරන් කඳුලු සැලෙයි පිටාරගලන් දෙවියො නෑ මට දෙන්නෙ සවන් එක් මොහොත කල්පයක් තරම් හැඟෙයි ඔබ ගිය දිනය පටන් මගෙ ලේ දහඩියෙන් පොළොව තෙමුවා මුලු දිවියම කැප කෙරුවා ඔබට ඔබට ඔබට මතක නැතිද? ඔබට ඔබට ඔබට මතක නැතිද?

Hithana Tharam (Live Acoustic) lyrics · Gayya