Thotupola

Supun Sihine

Sangeeth Wijesuriya · Best of Sangeeth Wijesuriya · 4:16

සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා සුන් කරයි මා වේදනා සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ නන් සැපින් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ ම පුතු සිහිනේ අඳින දෙවිඳේ මුළා නොකරන් මා පුතුන් නොමැත සුව නිදි යහන් පුතු හට නොම මවනු මැන ඒ දසුන් තරු වැල් ගොතා, සඳ කැන් මතින් සතපන්න පුතු හැකි නම් සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන් ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මවුන් සුව නොමැත මා පහස ඇගෙ මෙන් රළු වුණේ උරතල බරින් මා ලොව පහන් කළ රන් පුතුන් ඔබ රකිමි දිවි හිමියෙන් සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා සුන් කරයි මා වේදනා සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ

Supun Sihine lyrics · Sangeeth Wijesuriya