Thotupola

Sithak nam

Bathiya · Dancing Star (Sinhala) · 4:52

සිතක් නම් සිත්තම් රෑනයි ඔබත් මං වාගේමයි මිනිස්කම් බැම්මෙන් යාවී එදත් උන්නා සත්තයි සිතක් නම් සිත්තම් රෑනයි ඔබත් මං වාගේමයි මෙතෙක් කල් උන්නත් රෑනේ මිටක් බැන්දා වාගේ// හිනාවෙන් ගෙවුනා කාලේ නෑ දුකක් කිසිදා ටිකක්වත් හිත් රිදුණා නම් ඒ දුකත් මැකුණා එකෙක්වත් හැඩුවේ නෑනේ එක් වුණොත් එහෙමයි ඉතින් මේ රජකම් ලැබුණේ සමගියෙන් සත්තයි... ජීවේ ඔබෙන්මයි උපන්නේ ඔබයි ජය ලබන්නේ හෙටක් වී නැගෙන්නේ... රෑනේ එකා මෙන්ම ඈදී එකාවන්ව ඒවී දිනාගන්න ලෝකේ... සිතක් නම් සිත්තම් රෑනයි ඔබත් මං වාගේමයි ලොවක් නම් විස්කම් බෝමයි අපිත් උන්නේ එකතැනයි හිතක් නම් ගෙත්තම් වාගේ ඒත් ඉන්නේ ඒ හිතමයි මිනිස්කම් ඉස්මතු වේනම් ලොවත් පුංචියි වාගේ වැට්ටුවත් නැගිටින්න ආයේ ශක්තියක් ලැබුණේ හිතේ හයියයි සමගියයි ජය ටැඹයි මෙදිනේ අදත් එහෙමයි හෙටත් එහෙමයි සබඳකම් මෙලොවේ ඉතින් දැන් ජය දද නැගුණේ සමගියෙන් දසතේ... ජීවේ ඔබෙන්මයි උපන්නේ ඔබයි ජය ලබන්නේ හෙටක් වී නැගෙන්නේ... රෑනේ එකා මෙන්ම ඈදී එකාවන්ව ඒවී දිනාගන්න ලෝකේ...// සිතක් නම් සිත්තම් රෑනයි...

Sithak nam lyrics · Bathiya